Skip to content
V
ජනපති ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවෙයි
featured news - උණුසුම් පුවත්

ජනපති ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවෙයි

By News Room · 28 October 2024

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළ කළේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (28) පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. 

වර්තමාන ප්‍රසම්පාදන නීතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

පවතින නීතිය හා මාර්ගෝපදේශ අනුව ප්‍රසම්පාදන කාර්යයන් සිදු නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලු එම නිලධාරීහු ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

රජයේ ප්‍රාග්ධන වියදම් ඇතුළු සියලු වියදම්වලින් 60%ක් පමණ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව සිදු විය යුතු නමුත් එකී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙහි පවතින අඩුපාඩු හේතුවෙන් රජයට විශාල වශයෙන් අලාභ සිදුවන බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ නිලධාරීහු  ජනාධිපතිවරයාට පෙන්වා දුන්හ.

ඒ හේතුවෙන් වංචා දූෂණ සඳහා වැඩි අවස්ථාවක් පවතින බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇති විය හැකි ප්‍රමාදය, විනිවිදභාවයෙන් තොර ක්‍රියාවන්, මෙන්ම අකාර්යක්ෂමතාව පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

ආයෝජකයා විසින් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් කරන ලද යෝජනා (unsolicited proposals) හා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව යටතේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී  සිදු වන අඩුපාඩු අවම කිරීම සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ බලතල තවදුරටත් පුළුල් කරමින් ප්‍රසම්පාදන සැලසුම් විධිමත් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වා දුන්නේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026