Skip to content
V
ජනපති ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාරගනී
featured news - උණුසුම් පුවත්

ජනපති ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාරගනී

By News Room · 22 November 2024

එක අරමුණකින් වැඩ කර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට අද (22) සහභාගී වෙමිනි. අකුරේගොඩ ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ දී ජනාධිපතිවරයා වැඩ බාර ගත්තේය.

යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවත්, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ව්‍යවස්ථා නීතිවල කුමන අණපනත් පැවතියත් ප්‍රබල වන්නේ ජනතාවගේ බලය බව අවධාරණය කළ ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ලබාදුන් ජනවරමේ සංයුතිය සහ හැඩතල දෙස බැලූ විට ඔවුන්ගේ එම අපේක්ෂාවන් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026