Skip to content
V
ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව සඳහා පිටත් වෙයි
featured news - උණුසුම් පුවත්

ජනපති අද ලෝක රාජ්‍ය නායක සමුළුව සඳහා පිටත් වෙයි

By News Room · 10 February 2025

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මෙහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. මෙම සංචාරය සඳහා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන් සමග තවත් උසස් රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු ද එක් වී සිටියි.

ඔවුන් අද (10) උදෑසන 10.10 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 651 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව අද සිට 13 වනදා දක්වා ජනාධිපතිවරයා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතව ඇත. එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය. මෙම සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026