Skip to content
V
ඡන්ද මත ප්‍රසිද්ධියේ විමසන අයට වැඩ වරදී
featured news - උණුසුම් පුවත්

ඡන්ද මත ප්‍රසිද්ධියේ විමසන අයට වැඩ වරදී

By News Room · 15 September 2024

ජනපතිවරණයේදී ඡන්දය භාවිත කරන අපේක්ෂකයන් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේ මත විමසන පුද්ගලයන් සහ ඒවාට මත ප්‍රකාශ කරන පුද්ගලයන් සම්බන්ධයෙන්ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.තමන්ගේ මතය අනෙක් අය දැන ගැනීමට අවශ්‍යතාවක් නැති බවත් එසේම එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු දෙයක් නොවන බවත් රත්නායක මහතා කීය. මෙවැනි කටයුතුවලින් කරන්නේ ජනතාවගේ පෞද්ගලිකත්වයට හෝ ආනන්‍යතාවයට යම් බලපෑමක් සහ හානියක් බවද ඔහු කීවේය.තවද මෙවැනි කටයුතුවලින් රහස් ඡන්දයේ ගුණාත්මකභාවයටද හානියක් සිදුවන බව පැවසූ රත්නායක මහතා මෙය එක්තරා ආකාරයකට අයුතු බලපෑමක් බවද ප්‍රකාශ කළේය.මේ සම්බන්ධයෙන් කිසිවකු හෝ පැමිණිලි කළහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැකි බවත් දැනටමත් එවැනි දේ කළ කිහිප දෙනෙකුට අවවාද කර ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026