Skip to content
V
ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි
featured news - උණුසුම් පුවත්

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි

By News Room · 16 September 2024

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවද ඔහු සඳහන් කළේය.

ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව  වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට  විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත්  සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ  පොලිස්  විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද  යොදවා ගන්නා බව ප්‍රකාශ කළේය.

මේ අතර ඡන්ද පෙට්ටි  ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන  බව පොලිස් මූලස්ථානය පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026