Skip to content
V
ඡන්ද පෙට්ටි රැගෙන යන රථ පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට පැමිණීමට අවස්ථාව
featured news - උණුසුම් පුවත්

ඡන්ද පෙට්ටි රැගෙන යන රථ පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට පැමිණීමට අවස්ථාව

By News Room · 13 September 2024

ඡන්ද පෙට්ටි මාරුකිරීම සම්බන්ධයෙන් වූ මිත්‍යා මතය දුරු කිරීමේ අරමුණින් ඡන්ද මධ්‍යස්ථානවල සිට ගණන් කිරීමේ මධ්‍යස්ථාන දක්වා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන රථ පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට වාහනයකින් පැමිණිමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ සිට ගණන් කිරීමේ මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් පැමිණීමේ හැකියාව ඔවුන්ට පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

එසේ යාමට අවශ්‍ය නම්, අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ නම, පසුපසින් පැමිණෙන වාහනයේ අංකය සහ වාහනයේ සිටින නියෝජිතයාගේ නම ඇතුලත් විස්තර වාර්තාවක් ඡන්ද විමසීමේ දිනයට දින තුනකට පෙර බලයලත් නියෝජිතයකු විසින් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලබාදිය යුතු බවයි සඳහන් වෙන්නේ.

ඒ සඳහා නිකුත් කරන වාහන බලපත්‍රය අදාළ ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිගෙන් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026