Skip to content
V
ඡන්ද පත්‍රිකා බෙදීම අදින් අවසන් වෙයි
featured news - උණුසුම් පුවත්

ඡන්ද පත්‍රිකා බෙදීම අදින් අවසන් වෙයි

By News Room · 14 September 2024

ජනාධිපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැරීම අදින් (14) අවසන් බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින් වෙත තැපැල් මගින් ගෙන්ගෙට බෙදා හැරීම පසුගිය 3 දා සිට ආරම්භ කෙරිණි.

මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 80 ක් පමණ ජන්දදායකයින් වෙත තැපැල් මගින් බෙදා හැර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

තැපැල් මගින් බෙදා හැරීමේ කාලය තුළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට ලබන 18 දා සිට 21 දා දක්වා තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට පහසුකම් සලසා ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

තැපැල් කාර්යාලයට ගොස් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමේදී තම අනන්‍යතාව තහවුරු කිරීම ඉතා වැදගත් බවත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026