Skip to content
V
ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුනොත්...
featured news - උණුසුම් පුවත්

ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුනොත්...

By News Room · 11 September 2024

ඉදිරි දින තුන ඇතුලත යම් අයෙකුට හිම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබී ඇත්නම් එය තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා.

ඒ අනූව ලබන (14) වැනිදා වන විට යම් කෙනෙකුට හිමි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණේනම් හැඳුනුම්පත රැගෙන නියමිත තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය තහවුරු කර සිය ඡන්ද දැන්වීම පත්‍රිකාව ලබා ගැනීමට හැකි බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ. මැතිවරණය පැවැත්වෙන දින තෙක්ම ඡන්ද දායකයින්ට මේ අවස්ථාව හිමිවන බවද පැවසුවා.

මේ වන තෙක් මැතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර අවසන්කර තිබෙන බව පැවසෙනවා. සෙසු ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපය තුළ බෙදා හැරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පවසන්නේ.ඒ අනූව එම බෙදාහැරීමේ කටයුතු 14 වනදා වනවිට නිම කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ නිල ඡන්ද පත්‍රිකාවලින් 80%ක් මේ වනවිටත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත යොමුකර ඇති බවයි. ඒවා විශේෂ ආරක්ෂාවක් යටතේ ගබඩා කර තිබෙන අතර, මේ සතිය අවසන් වනවිට නිල ඡන්ද ප්‍රතිකා මුද්‍රණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි රජයේ මුද්‍රණාලය පවසන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026