Skip to content
V
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වෙයි
featured news - උණුසුම් පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් වෙයි

By News Room · 21 September 2024

ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් අද පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට නිමාවට පත්වී තිබේ.

ඡන්ද විමසීම අද (21) උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත්විය.

ඒ අනුව ඡන්ද දායකයින් අද පෙරවරුවේ සිටම ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණ සිය වටිනා ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණි. 

ඒ, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හත්දෙනෙක් සුදුසුකම් ලබා තිබුණි.

සමස්තයක් ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සාමකාමීව පැවැත්වුණු බව මැතිවරණ නිරීක්ෂකයින් පැවසීය.

මොනරාගල  සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළ බවද වාර්තා වෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026