Skip to content
V
චීන විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවයි
featured news - උණුසුම් පුවත්

චීන විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවයි

By News Room · 8 December 2025

2025 වසරේ නොවැම්බර් මස අවසානය වන විට, චීන විදේශ විනිමය සංචිතය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන තුන ඉක්මවා ඇති බව වාර්තා වේ.  චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ (07) නිකුත් කළ නවතම දත්තවලට අනුව, එම අගය දැක්වෙන්නේ අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3.3464ක් ලෙසය. පසුගිය ඔක්තෝබර් මස අවසානයට සාපේක්ෂව එය ඩොලර් බිලියන 3ක වැඩිවීමක් වන අතර එහි වර්ධනය 0.09%කි.

2025 වසරේ නොවැම්බර් මාසයේදී, විනිමය අනුපාත පරිවර්තනය සහ වත්කම් මිල වෙනස්වීම වැනි සාධක හේතුවෙන් විදේශ විනිමය සංචිතය වර්ධනය වී ඇති බව චීන විදේශ විනිමය පරිපාලනය ප්‍රකාශ කර තිබේ. 

චීන ආර්ථිකය සාමාන්‍යයෙන් ස්ථාවර සහ ප්‍රගතිශීලී සංවර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර, විදේශ විනිමය සංචිතවල මූලික ස්ථාවරත්වයට ද එමගින් මනා සහායක් වී ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026