Skip to content
V
චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

By News Room · 14 October 2024

මහනුවර, අනිවත්ත ප්‍රදේශයේ හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු හා චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (13) දින සවස් කාලයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මීට පෙර පසුගිය 12 වනදා දහවල් කාලයේ දී පල්ලෙකැලේ නත්තරන්පොත ප්‍රදේශයේදී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතිකයින් 126 ක්, වියට්නාම ජාතිකයින් 02 ක්,තායිලන්ත ජාතිකයෙකු හා පිලිපින් ජාතිකයෙකු ඇතුළු විදේශ ජාතිකයින් 130 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඊයේ දිනයේ අනිවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිස නත්තරන්පොත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පිරිස සමග සම්බන්ධතාවයක් පවතිද යන්න පිළිබඳව විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය සඳහන් කළේය.

මේ අතර ඊයේ  දහවල් කාලයේ වැලිකඩ පොලිස් වසමේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේදී වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මහල් නිවාස සංකීර්ණයක් තුළ සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි චීන ජාතික පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු හා චීන ජාතික කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මෙම සිද්ධීන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට නියමිත බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026