Skip to content
V
චානුක රත්වත්තේ විදේශගත වීමට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
featured news - උණුසුම් පුවත්

චානුක රත්වත්තේ විදේශගත වීමට කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

By News Room · 10 March 2025

නැගෙනහිර හේවාගම කෝරළ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් රුපියල් කෝටි 50 කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වශයෙන් නම් කර සිටින චානුක රත්වත්තේ මහතාට විදේශගත වීමට අවසර දෙන ලෙස කළ ඉල්ලීමක් කොළඹ මහාධිකරණය ප්‍රතික්ෂේප අද (10) කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික ගැනුම්කරුවකු වශයෙන් පෙනී සිට භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන බව පවසා චානුක රත්වත්තේ විසින් අදාළ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට පසුගියදා චෝදනා ගොනු වී තිබුණි.

සිය නීතීඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් චානුක රත්වත්තේ මහතා අධිකරණයට දන්වා සිටියේ මැයි මස 08  වනදා ඩුබායි හිදී පැවැත්වීමට නියමිත ව්‍යාපාරික හමුවකට සහභාගි වීමට තමන්ට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා අධිකරණය මගින් දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසය.

එහිදී විත්තිකරු විදේශගත වීම සඳහා ඉදිරිපත් කරන කරුණු වල පරස්පරතාවයන් දක්නට තිබෙන බව පෙන්වා දුන් රජයේ නීතිඥවරිය ඔහු විදේශගත වන දිනය ඊට අදාළව දක්වා ඇති තොරතුරු පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බව පැවසුවාය. 

ඒ අනුව විත්තිකරුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් රජයේ නීතිඥවරිය මෙහිදි පැවසුවාය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විත්තිකරුගේ විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026