Skip to content
V
චීනයෙන් ලංකාවට නොමිලයේ පාසල් නිල ඇඳුම් රෙදි
featured news - උණුසුම් පුවත්

චීනයෙන් ලංකාවට නොමිලයේ පාසල් නිල ඇඳුම් රෙදි

By News Room · 10 December 2024

චීනය විසින් ලංකාවට නොමිලයේ ලබාදීමට පොරොන්දු වූ පාසල් නිල ඇඳුම් රෙදි අද (10) නිල වශයෙන් මෙරටට ලබා දුන්නේය. ඒ කොළඹ වරාය පරිශ්‍රයේ පැවති උත්සවයකදී ය. එම අවස්ථාවට අගමැතිනී හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම චීන තානාපති චී ජන් හොන්ග් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ චීන තානාපතිවරයා රුපියල් බිලියන 5.2ක් පමණ වටිනා රෙදි මීටර් මිලියන 11.28ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ට ප්‍රදානය කරන බවයි. රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096 හා අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම නිල ඇඳුම් රෙදි ලබාදෙනු ඇත.

මෙම නිල ඇඳුම් රෙදි ලබාදීම 1992 වර්ෂයේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අඛණ්ඩව සිදුකරන ලද අතර 2015 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා පාසල් නිල ඇඳුම් රෙදි ලබාගැනීම සඳහා වවුචර්පත් ලබාදීම සිදු කෙරුණි. නැවතත් 2021 වර්ෂයේ සිට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි දේශීය රෙදි පිළි නිෂ්පාදකයන් වෙතින් නිපදවා මිලදී ගැනීම සිදුකර තිබුණි.

නමුත් Covid-19 වසංගත තත්ත්වය මත රට මුහුණ දුන් ආර්ථික තත්ත්වය හමුවේ මහජන චීන සමුහාණ්ඩුව විසින් 2023 වර්ෂය සඳහා නිල ඇදුම් අවශ්‍යතාවයෙන් 70% ක ප්‍රමාණයක් ප්‍රදානයක් වශයෙන් හා ඉතිරි 30% ක ප්‍රමාණය දේශීය රෙදි පිළි නිෂ්පාදකයින් වෙතින් මිලදී ගත්තේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026