Skip to content
V
චීනයේ ගිනිකෙළි කර්මාන්තශාලාවක පිපිරීමක්; 21 ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

චීනයේ ගිනිකෙළි කර්මාන්තශාලාවක පිපිරීමක්; 21 ක් ජීවිතක්ෂයට

By News Room · 5 May 2026

චීනයේ හුනාන් ප්‍රාන්තයේ ලියුයැන්ග් (Liuyang) නගරයේ පිහිටි ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදු වූ දරුණු පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් 61 දෙනෙකු තුවාල ලබා ඇත. ඊයේ (04) සවස 4ට පමණ මෙම පිපිරීම සිදුවී ඇති බව එරට මාධ්‍ය පවසයි.

සහන සේවකයින් 500ක් පමණ යොදවා ඇති අතර, ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් සෙවීම සඳහා රොබෝ යන්ත්‍ර ද භාවිතා කර ඇති බව සඳහන් වෙයි. තවත් පිපිරීම් ඇතිවීම වැළැක්වීම සඳහා කර්මාන්තශාලාව අවට කිලෝමීටර් 3ක ප්‍රදේශයක සිටි ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026