Skip to content
V
චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම උදෙසා උපත් පාලන ක්‍රමවලට බද්දක්
featured news - උණුසුම් පුවත්

චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම උදෙසා උපත් පාලන ක්‍රමවලට බද්දක්

By News Room · 1 January 2026

චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබේ. චීනයේ උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දශක තුනකට පසු ප්‍රථම වතාවට කොන්ඩම් සහ අනෙකුත් උපත් පාලන ක්‍රම සඳහා බද්දක් පැනවීමට තීරණය කර තිබේ.

අද (01) වන දින සිට ක්‍රියාත්මක වන මෙය 13% ක වැට් බද්දකි. වසර 30 කට වැඩි කාලයක් තිස්සේ චීනයේ පැවති එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය දශකය තුළ එරට පහත වැටුනු උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

මේ අතර චීනයේ එක් දරු ප්‍රතිපත්ති සීමාව තුන් දරු ප්‍රතිපත්තියක් දක්වා ඉහළ නැංවීමට මෙමගින් කටයුතු කර ඇති අතර, පළාත් IVF ප්‍රතිකාර සඳහා වට්ටම් සහ අමතර දරුවන් සඳහා මුදල් සහනාධාර ලබා දීමට ද ඉදිරියේදී තීරණය කරන බව එරට නිලධාරීන් පවසයි. ඇතැම් පළාත් පාලන ආයතන තුළ අලුත විවාහ වූවන්ට විවාහ වීමට දිරිගැන්වීම සඳහා අමතර වැටුප් සහිත නිවාඩු දින ද ලබා දෙන බව සඳහන් වෙයි.

මෙම වසරේදී රජය මෙහි පළමු ජාතික ළමාරක්ෂක සහනාධාර වැඩසටහන සඳහා යුවාන් බිලියන 90ක් (ඩොලර් බිලියන 12.7ක්) වෙන් කර ඇති අතර, වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වාර්ෂිකව යුවාන් 3,600ක් ලබා දීමට ද තීරණය කර තිබේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026