Skip to content
V
චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වෙයි

By News Room · 1 December 2025

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 94 වැනි වියේ පසුවූ ඒ මහතා කලක් ගම්පහ චිත්‍රා ෆොටෝ ස්ටුඩියෝ අධිපති ලෙස කටයුතු කළේය. මහගමසේකර අධ්‍යක්ෂණය කළ එකම චිත්‍රපටයක්, ගාමිණි ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටයත් නිෂ්පාදනය කළේ චිත්‍රාය. ඔහු බෙල්ලන්විල රජමහ විහාරස්ථානයේ ක්‍රියාකාරි සාමාජිකවරයකු ද විය.

ඔහුගේ දේහය බෙල්ලන්විල කර්නල් මාවතේ ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (1) පස්වරු 3.00 ට නැදිමාල සුසාන භූමියේ දී සිදුකෙරේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026