Skip to content
V
චරිත රත්වත්තේට ඇප
featured news - උණුසුම් පුවත්

චරිත රත්වත්තේට ඇප

By News Room · 4 November 2025

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ මහතා ඇපමත මුදා හරින ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබේ.

අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 23 වෙනිදා කැඳවීමටයි අධිකරණය නියෝග කර තිබේ. අධිකරණ ශාලාවේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් මෙම නඩුකරය කැඳවනු ලැබුවේ මහෙස්ත්‍රාත්වරයාගේ නිලමැදිරිය තුළය. හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් කොමිසම මගින් අද උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ 2015 වසරේ දී එවකට සිටි අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත මිලදී ගැනීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොතිබූ කොකුන් ගබඩා 50ක් නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර මිලදී ගැනීමට තුළින් රජයට කෝටි 9කට අධික මුල්‍ය පාඩුවක් සිදුකිරීමේ චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026