Skip to content
V
ඝාතන සිද්ධියකට අදාළ දෙදෙනෙක් මාතර දී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

ඝාතන සිද්ධියකට අදාළ දෙදෙනෙක් මාතර දී අත්අඩංගුවට

By News Room · 21 October 2024

මාතර නාවිමන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ දකුණු පළාත් මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටළීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පසුගිය 15වනදා මාතර නාවිමන ප්‍රදේශයේ දී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් 26 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර පළාගොස් තිබුණි. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමේදී අදාළ මෝටර් රථය පැදවු පුද්ගලයා මාතර තොටුමුණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 29 හැවිරිදි අම්බලන්තොට පොලිස් වසමේ පදිංචිකරුවෙකු බව පොලීසි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

මීට අමතරව අදාළ ඝාතනය සිදුකිරීම සඳහා මාර්ගය නිරීක්ෂණය කළ බව කියන 26 හැවිරිදි පුද්ගලයෙකු කැකනදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලික විමර්ශන වලින් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026