Skip to content
V
ගාසා තීරයේ ළමුන්ට පෝලියෝ එන්නත්
featured news - උණුසුම් පුවත්

ගාසා තීරයේ ළමුන්ට පෝලියෝ එන්නත්

By News Room · 1 September 2024

ගාසා තීරයේ රැඳී සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් හය ලක්ෂ හතලිස් දහසක් ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ  හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී වීමට නම් අවම වශයෙන් අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් සියයට 90ක ප්‍රතිශතයක් කෙටි කාලයක් තුළ ප්‍රතිශක්තීකරණය කළයුතු බවයි.

වසර 25කට පසු ගාසා තීරයෙන් හමුවූ තහවුරු කරගත් පළමු පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ මෙම වෛරසය තවත් ළමුන්ට ආසාදනය වුවහොත් එය කලාපය තුළ දරුණු තත්ත්වයක් ඇතිකරන බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026