Skip to content
V
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර: 6ක් මරුට, 14කට තුවාල
featured news - උණුසුම් පුවත්

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර: 6ක් මරුට, 14කට තුවාල

By News Room · 13 July 2026

ඊශ්‍රායලය විසින් ගාසා තීරය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරවලින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ. එම ප්‍රහාරවලින් තවත් පුද්ගලයින් 14දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ගාසාහී සබ්රා ප්‍රදේශයේ කම්හලකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කර ඇත. අදාළ ප්‍රහාර ඊශ්‍රායලය විසින් එල්ල කළ බව පිළිගෙන ඇති අතර ඔවුන් සදහන් කර ඇත්තේ යටිතල පහසුකම් ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවය. කෙසේවෙතත් පසුව ඊශ්‍රායලය විසින් හමාස්හි ආයුධ නිෂ්පාදන ස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026