Skip to content
V
ගුවන් තැපෑලෙන් ලංකාවට ආ රුපියල් අට කෝටි පනස් ලක්ෂයක මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී
featured news - උණුසුම් පුවත්

ගුවන් තැපෑලෙන් ලංකාවට ආ රුපියල් අට කෝටි පනස් ලක්ෂයක මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනී

By News Room · 22 October 2024

කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු, ගුවන් තැපැල් පාර්සල් 07 ක් විවෘත කර, පරීක්ෂා කළ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්, ඒවා තුළ තිබී රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම පාර්සල් ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි.

දීර්ඝ කාළයක් මෙම පාර්සල් භාර ගැනීමට හිමිකරුවන් පැමිණ නොසිටි අතර, ඒවායේ සදහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී, ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 021 ක් , කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 143 ක් සහ මැන්ඩි නැමැති රසායනික මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 338 ක් ද තිබී ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026