Skip to content
V
ගාලු මුවදොරේ ගොඩගැහුනු 'සුපිරි' අමාත්‍යංශ වාහන
featured news - උණුසුම් පුවත්

ගාලු මුවදොරේ ගොඩගැහුනු 'සුපිරි' අමාත්‍යංශ වාහන

By News Room · 25 September 2024

අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් කොළඹ ගාලුමුවදොර පිටියේ මේ වන විට ගාල්කර තිබේ.

කොළඹ පදනම් ආයතනය සහ ලක්සළ අසළ ද තවත් වාහන මේ ආකාරයට ගාල්කර තිබේ.  

ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා අද එම වාහන පරීක්‍ෂා කිරීමෙන් පසුව පැවසුවේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඒවා පාවිච්චි කළ නිලධාරීන් ගාලු මුවදොර පිටියේ ඇතුළු ස්ථාන කීපයක මෙසේ නවත්වා ගොස් ඇති බවයි.

මෙම වාහන තොගය සමඟ මෙරට මහජන දේපළ පාවිච්චි කර ඇති ආකරය ප්‍රදර්ශනය වන බවත් අනුර දිසානායක ජනාධිපති නොවුණේ නම් තවමත් එම වාහන පාරේ ධාවනය වන බවත් සමරසිංහ මහතා කීය.

මහජනතාවගේ තෙල් සහ සල්ලිවලින් එම වාහන ධාවනය වූ බව කී වසන්ත සමරසිංහ මහතා ජනාධිපති කාර්යාලයට අයත් වාහන 833ක තොරතුරු ලේඛණවල ඇති බව ද සඳහන් කළේය.

එම වාහන 833 න් 2022 වසර වන විට 29 ක් අතුරුදහන්ව තිබූ බවත් හිටපු ජනාධිපතිවරු වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්‍ෂ,මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්‍ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග යන අය වාහන ගිල දැමුවේ දැයි ගැටලුවත් මතු වන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026