Skip to content
V
ගාලු කොටුව ගල් බැම්මෙන් වැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ගාලු කොටුව ගල් බැම්මෙන් වැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට

By News Room · 27 April 2025

ගාලු කොටුව ගල් බැම්මෙන් වැටී කුරුඳුවත්ත, හපුගල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි ජනිත් ගමගේ නැමති සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ තරුණයා ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙම අනතුරට මුහුණදී ඇති අතර, පසුව ඔහුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.

සිය මිතුරන් සමග විනෝද වීම සඳහා ගාල්ල කොටුව ප්‍රදේශයට පැමිණි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන මොහු ගාල්ල කොටු බැම්මේ සිට මුහුදට පනිමින් ත්‍රාසජනක ක්‍රීඩාවේ යෙදෙන ස්ථානයෙන් ඇදවැටී ඇත. ගල් පර්වත මත වැදීමෙන් බරපතළ තුවාල ලබා සිටිය දී අදාළ තරුණයාව රෝහල්ගත කර තිබුණි.

මෘත ශරිරය ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කටයුතු ගාල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026