Skip to content
V
ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට 08ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

ග්‍රෑන්ඩ්පාස් ද්විත්ව ඝාතනයට 08ක් අත්අඩංගුවට

By News Room · 17 March 2025

ග්‍රෑන්ඩ්පාස්, ජබොස්ලේන් ප්‍රදේශයේ දුම්රිය මාර්ගය අසල දී පසුගිය 15 වැනිදා තියුණු ආයුධ වලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අදාළ සැකකරුවන් ඊයේ (16) රාත්‍රියේ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16 - 44 අතර වයස්වල පසුවන, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත්, ඔවුන් සතුව තිබී අපරාධයට යොදාගත් බවට සැක කරන මන්නා පිහි 02 ක් හා ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගත් බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ නිවේදනය පහතින්. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026