Skip to content
V
ග්‍රෙගරි වැවට සී ප්ලේන් යානයක් කඩා වැටෙයි
featured news - උණුසුම් පුවත්

ග්‍රෙගරි වැවට සී ප්ලේන් යානයක් කඩා වැටෙයි

By News Room · 7 January 2026

නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට උත්සාහ කළ සී-ප්ලේන් (Sea Plane) වර්ගයේ ගුවන් යානයක් අද (07) දහවල් 12:30 ට පමණ අනතුරට ලක්ව තිබේ.

යානය ගොඩබස්වන අවස්ථාවේදී පාලනය කරගත නොහැකිව වැවට කඩා වැටී ඇති අතර, එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා තිබේ. අනතුර සිදුවූ වහාම ප්‍රදේශවාසීන් සහ වැවේ බෝට්ටු සංචාරවල නිරතව සිටි පිරිස් වහා ක්‍රියාත්මක වී ගුවන් නියමුවන් දෙදෙනා මුදා ගැනීමට කටයුතු කර ඇත.

තුවාල ලැබූ නියමුවන් දෙදෙනා මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය තහවුරු කරයි.

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කරමින් සිටි සංචාරකයින් පිරිසක් රැගෙන යාම සඳහා මෙම යානය පැමිණ තිබේ. යානය අනතුරට පත්වීමට බලපෑ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, නුවරඑළිය පොලිසිය සහ ගුවන් සේවා බලධාරීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026