Skip to content
V
ගිය වසරට වඩා මේ වසරේ සංචාරක ව්‍යාපාරයෙන් වැඩි ආදායමක්
featured news - උණුසුම් පුවත්

ගිය වසරට වඩා මේ වසරේ සංචාරක ව්‍යාපාරයෙන් වැඩි ආදායමක්

By News Room · 7 October 2024

2024 සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 181.0ක් අදායමක් උපයා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා. පසුගිය වසරේ මෙම කාලසීමාවවන විට උපයා තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 152.2 අදායම මේ වසරේ දී අභිබවා තිබෙනවා.

කෙසේ වෙතත්, සැප්තැම්බර් මාසයේදී සංචාරක පැමිණීමේ හිඟය නිසා අගෝස්තු මාසයේදී ඉපයූ අදායමට සාපේක්ෂව අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අඩුව ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

ඒ අනුව, මේ වසරේ පසුගිය මාස නවයක කාල පරාසය ගත්කළ, මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 2,348ක පමණ අදායමක් උපයා ඇති අතර, එය පසුගිය 2023 වසරේ එම කාල සීමාව තුළ උපයා ගත් අදායමට වඩා සියයට 61.2කින් වර්ධනය වී තිබෙනවා.

වාර්තාවන්ට අනුව, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් 111,938ක හා සසඳන විට මෙම වසරේ දී සංචාරකයින් 122,140ක පමණ පිරිසක් පැමිණ තිබෙනවා.

කෙසේ නමුත් අගෝස්තු මාසයේ මෙරටට පැමිණි 164, 609ක සංචාරක පැමිණීම්වලට වඩා අඩු වී ඇති බවටයි වාර්තා සඳහන් කරන්නේ.

එමෙන්ම මේ වසරේ පළමු මාස නවයක කාල සිමාව තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව මිලියන 1.5ක් වන අතර, එය2023 වසරේ මාස 12ටම පැමිණි සංචාරක පැමිණීම් සංඛ්‍යාව හා ආසන්න වශයෙන් සමානවන බවයි වාර්තා සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026