Skip to content
V
'ගෙඹි දේශපාලනය මම නවත්තනවා'
featured news - උණුසුම් පුවත්

'ගෙඹි දේශපාලනය මම නවත්තනවා'

By News Room · 29 August 2024

සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (27) අම්පාර පොතුවිල්හි දී පැවති ජන රැලියක් අමතමිනි.

වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට තිත

‘‘සමහර අයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලැබුණු පසු අම්මා තාත්තා ජන්මය අමතක වෙනවා. ඒ නිසා සමහරු ජනතාවගේ ඡන්දයෙන් ගොස් ආදාහන භුමදාන ගැටලුවේ දී ගෝඨාභය රාජපක්ෂට අත ඉස්සුවා. ඉස්ලාම් ජනතාවගේ සංස්කෘතික හා ආගමික අයිතිය ආරක්ෂා කළේ මම ඇතුළු සමගි ජන බලවේගය යි.බියර් පර්මිට්, වයින් ස්ටෝර්ස්වලට, පගාවට, සල්ලිවලට, මොවුන් ජනතා වරම විකුණා දැමුවා. සමගි ජන බලවේග රජයක් තුළ මේ පැත්තෙන් පැත්තට පනින ගෙඹි දේශපාලනයට තිත තබනවා. දැනට ඇති නීති පවා තවදුරටත් ශක්තිමත් කර වාසියට පක්ෂ මාරු කරන දේශපාලනයට නැවතීමේ ලකුණ තබනවා.අප රට නිදහස් රටක් වුණත් ජනතාවට ආර්ථික නිදහස අහිමි වෙලා. අප රට ජාති ආගම් ජන කොට්ඨාස ලෙස බෙදී වෙන්වී තිබෙන මොහොතක සියලු ම ජනතාව: ජාතිය, ආගම,පන්තිය, තරාතිරම් කුමක් හෝ වේවා මුළු රට ම එකට එකතු අවස්ථාව සැප්තැම්බර් විසි එක නිර්මාණය වෙනවා. සමගි ජන බලවේගයේ අපි: එකමුතුභාවයෙන්, ජාතික සමගියෙන්,සංහිඳියාවෙන්, මිත්‍රශීලීත්වයෙන්, එක්සේසත් වූ මාතෘභූමියක් ගොඩනගනවා.

ජනාධිපති ඉඩම් කාරක සභාවක්

රට ආර්ථික මර උගුලක පැටලිලා, ජනතාව ආර්ථික විනාශයකට ලක්ව තිබෙන මොහොතක මේ තීරණාතමක අවධියේ රට ගොඩනගන්න අවශ්‍ය ආර්ථික දර්ශනයඅපිම සතුව තිබෙනවා. දක්ෂයෝ සිටින්නේ සමගි ජන බලවේගය සමග නිසා අපිට විශාල වැඩකොටසක් සිදු කරන්න පුළුවන්.අපි පැහැදිලිව ම ජනතාවගෙ ඉඩම් ගැටලුවට විසදුම් ලබා දෙනවා. කිරි ගොවියන්ට අවශ්‍ය තෘණ භූමි ලබා දීම ආදිය ද සිදු කරනවා. මේ සඳහා ජනාධිපති ඉඩම් කාරක සභාවක් ඇති කරලා ඒ හරහා ලංකාවෙ ම ඉඩම් ගැටලුවට තිරසර විසදුම් ලබා දී හැඩ ඔය ව්‍යාපාරය ද ක්‍රියාත්මක කරනවා. ඒ, අනික් දිස්ත්‍රික්කවල ජනතාවට කිසිදු හානියක් නොවන ආකාරයට.සැප්තැම්බර් විසි එක්වැනිදා ජයග්‍රහණයෙන් පස්සෙ නැවත වරක් ඉඩම් නොමැති ජනතාවට ඉඩම ලබා දීලා, නිවසක් නොමැති ජනතාවට නිවසක් ලබා දීලා නැවත වරක් ගම් උදා යුගය බිහි කරනවා. දුගී දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවා ගන්න නව වැඩසටහනක් දියත් කරනවා. සමෘද්ධිය, ජනසවිය, අස්වැසුම, ආදී වැඩසටහන්වල හොද ගුණාංග එක් කර දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් දියත් කරනවා. ඒ සමග ම මාස විසි හතරක් ඇතුළත මාස්පතා රු. විසි දහස බැගින් ලබා දෙනවා.

Related articles

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

වෙනිසියුලා භූ කම්පනයෙන් මියගිය ගණන 1,430 දක්වා ඉහළට; 50,000ක් අතුරුදන්

28 June 2026
ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

ඩෙංගු මරණ 31 දක්වා ඉහළට; රෝගීන් ගණන 51,000 පනී

28 June 2026
චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

චරිත් අබේසිංහ 'බහුජන බලය' ජාතික සංවිධායක ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් වහාම ඉවත් කෙරේ

26 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 235ක් දක්වා ඉහළට

26 June 2026