Skip to content
V
ගිනිඅවියක් සහ උණ්ඩ සමග අතුරුදන් වූ පොලිස් කොස්තාපල්
featured news - උණුසුම් පුවත්

ගිනිඅවියක් සහ උණ්ඩ සමග අතුරුදන් වූ පොලිස් කොස්තාපල්

By News Room · 9 February 2025

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් සමග පළා ගොස් තිබේ. අදාළ කොස්තාපල්වරයා විසින් ඊයේ (08) රාත්‍රි මාර්ග බාදක රාජකාරි සඳහා පිටත්ව යාමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ 30ක් රැගෙන පිටත්ව ගොස් ඇති බවද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අදාල නිලධාරියා මාර්ග බාදක රාජකාරීයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු පිළිබඳව සොයා බැලීමේදි ඔහුගේ ජංගම දුරකතනයට ද ප්‍රතිචාර දක්වා නොමැත. පසුව සිදුකළ විමර්ශනයේදී සැකකාර නිලධාරීවරයා ඊයේ රාත්‍රියේම කටුනායක ගුවන්තොටුපපොළින් ඩුබායි රටට පිටව ගොස් ඇතැයි හෙළිව තිබේ. ඒ අනුව සැකකාර පොලිස් නිලධාරියා නැවත දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසිය හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවද පොලීසිය පවසයි. ඔහු සතු ගිනිඅවිය මෙතෙක් සොයා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්දව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026