Skip to content
V
ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කරයි
featured news - උණුසුම් පුවත්

ගිනිඅවි භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කරයි

By News Room · 7 November 2024

ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ. ඒ අනුව එම ගිනිඅවි නොවැම්බර් මස 21 වන දිනට ප්‍රථම භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ගිනිඅවි යළි භාරදීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් මාසයක කාලයක් ලබාදුන් අතර එම කාලය අදින් අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් ඉදිරිපත්ව ඇති කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්ය. ජීවිත ආරක්ෂාව සඳහා බලපත්‍ර සහිතව ලබා දී ඇති ගිනිඅවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීම සලකා බැලීමට යටත්ව ගිනිඅවි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම්දුන්නේය.

නාවික හමුදාවේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ගබඩාව වෙත එම ගිනිඅවි ලබාදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය දැනුම් දුන්නේය.

කෙසේවෙතත් මේ වන විට විශාල පිරිසක් ගිනිඅවි යළි භාරදීමට පියවර ගෙන තිබේ. මේ දක්වාත් ගිනිඅවි ලබානොදුන් පිරිස් සඳහා එම ගිනිඅවි යළි ලබාදීමට මෙලෙස කාලය දිර්ඝ කිරීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026