Skip to content
V
ගොඩනැගිල්ලකින් බිමට පැන්න සිසුවියකට යටවී කාන්තාවකුත් මියයි
featured news - උණුසුම් පුවත්

ගොඩනැගිල්ලකින් බිමට පැන්න සිසුවියකට යටවී කාන්තාවකුත් මියයි

By News Room · 2 September 2024

ජපානයේ වාණිජ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් ඇඟට වැටී එම ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ ගමන් කළ 32 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වූවාය.

එම අනතුරින් 17 හැවිරිදි පාසල් සිසුවියද මරණයට පත්වී ඇති බවත් එම සිසුවිය සියදිවි නසා ගැනීමේ බලාපොරොත්තුවෙන් සාප්පු සංකීර්ණයක්වූ එම ගොඩනැගිල්ලේ 12 වැනි තට්ටුවෙන් බිමට පැන ඇති බවත් ජපන් පොලිසිය පැවැසුවේය. තුවාල සහිතව කාන්තාවක් සහ තරුණියක් බිම වැතිර සිටින බවට පසුගිය 31 වැනිදා සවස 6 ට පමණ ජපාන පොලිසියට ඇමැතුමක් ලැබී ඇති බවත් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට ගොස් ඇති බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.

තුවාල ලබා සිටි කාන්තාව සහ තරුණිය රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කළත් ඔවුන් දෙදෙනා රෝහලට රැගෙන යනවිටත් මියගොස් සිට ඇති බව එරට මාධ්‍ය පැවැසුවේය.

17 හැවිරිදි පාසල් සිසුවිය 32 හැවිරිදි කාන්තාවගේ ඇඟට වැටෙන අයුරු අසළ ගොඩනැගිල්ලේ තිබූ  සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇති බවද පැවැසෙයි. 32  හැවිරිදි කාන්තාව ආයතනික සේවිකාවක් බවත් 17 හැවිරිදි පාසැල් සිසුවිය උසස් පාසලක තෙවැනි වසරේ ශිෂ්‍යාවක් බවත් ජපාන මාධ්‍ය වාර්තා කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026