Skip to content
V
ගැටලු සහගහත වූ ශිෂ්‍යත්වය විභාගයට විසඳුමක්
featured news - උණුසුම් පුවත්

ගැටලු සහගහත වූ ශිෂ්‍යත්වය විභාගයට විසඳුමක්

By News Room · 29 September 2024

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනටම සියලු දරුවන්ට ලකුණු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ ඊට අදාළව පත්කෙරුණු විද්වත් කමිටුවේ නිර්දේශ මතය.

පසුගිය සැප්තැම්බර් 15 වනදා පැවැත්වූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර සාකච්ඡා කෙරී ඇති බවට පසුගිය දිනවල ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවිය.

විභාග දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳ කඩිනම් විමර්ශනයක් ඇරඹුවේ ඊට අදාළව මව්පියන්ගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්න තුනකට සමාන ප්‍රශ්න ඇතුළත් ලේඛනයක් විභාගයට පෙර සාකච්ඡා කර ඇති අතර එය විභාගයට පෙර දින සමාජ මාධ්‍යයේ සංසරණය වී ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණ වී තිබුණි.

විභාග දෙපාර්තමේන්තුව මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ ඉන් අනතුරුවය.

සමාජ මාධ්‍යයේ සංසරණය වූ ලේඛනය විභාගයට පෙර සාකච්ඡා කර ඇති අතර විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණවල අතුරු වාර්තාවක් මගින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට තහවුරු කර තිබුණි.

සිද්ධියට අදාළව ගත යුතු වඩාත් සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට දේශීය හා විදේශීය විශේෂඥ කමිටුවක් අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් පත්කෙරුණේ ඉන් පසුවය.

විභාගයට පෙර සාකච්ඡා වූ බවට හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනීසිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව එම කමිටුව නිර්දේශ කර ඇත.

එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ විභාගය නැවත පැවැත්වීම ගුරුවරුන්ටත්, මව්පියන්ටත්, පාසල් පද්ධතියටත් දැඩි පීඩාවක් ගෙන දෙන බවය.

ඒ අනුව විද්වත් කමිටුවේ නිර්දේශ අනුව කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ කඩිනමින් ප්‍රශ්න පත්‍ර ඇගයීම් අප්‍රමාදව ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026