Skip to content
V
ගවේෂණයකදී අනාවරණය වූ ටයිටැනික් නෞකාවේ තත්ත්වය
featured news - උණුසුම් පුවත්

ගවේෂණයකදී අනාවරණය වූ ටයිටැනික් නෞකාවේ තත්ත්වය

By News Room · 2 September 2024

අත්ලාන්තික් මුහුදු පතුලේ තැන්පත්ව ඇති ටයිටැනික් නෞකාව සම්බන්ධයෙන් ටයිටැනික් සමාගම කළ නවතම ගවේෂණයකදී එහි සුප්‍රසිද්ධ අත්වැට කඩා ඇති බව අනාවරණය වී තිබෙනවා. ජිවිත 1,500ක් අහිමි කරමින් 1912 වසරේ අප්‍රේල් මස 15 වැනිදා ටයිටැනික් නෞකාව අත්ලාන්තික්සා ගරයේදී අනතුරට පත්වී මේ වනවිට වසර 112ක් ගතව තිබෙනවා.

පසුගිය වසර 100ක කාලය තුළ අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800ක පතුලේ තැන්පත්ව තිබෙන ටයිටැනිනෞකාවේ කොටස් කාලයත් සමග විනාශය වී තිබෙන බව විදෙස් වාර්තාවල සඳහන්. මුහුදු පතුලේ ඇති ටයිටැනික් නෞකාව ඛාදනය වී විනාශ වී ඇති බව දැක්වෙන නවතම ඡයාරූප පෙළක්ට යිටැනික් සමාගම පසුගිය ජූලි මස කළ නවතම ගවේෂණයකින් පසු මුදා හැර තිබෙනවා.

නෞකාවේ මීටර් 4.5ක දිගකින් යුතු අත්වැට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන් අනාවරණ වුණා. නෞකාවේ අත්වැට කාගේත් අවධානයට ලක්වූයේ ටයිටැනික් චිත්‍රපටියේදී ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහකේට් වින්ස්ලට් එම අත්වැට අසළ කළ අද්වීතිය රංගනයත් සමගයි. අද වනවිට මෙම අත්වැට නෞකා බඳෙන් වෙන් වී නෞකාව අසළ සාගර පතුලේ තැන්පත්ව ඇති බව ටයිටැනික් සමාගම නෞකාව පිළිබඳව කළ ලේසර් පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026