Skip to content
V
ගල්ෆ්හි පිහිටි තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් ප්‍රකාශයක්
featured news - උණුසුම් පුවත්

ගල්ෆ්හි පිහිටි තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් ප්‍රකාශයක්

By News Room · 19 March 2026

ඉරානයට අයත් දකුණු පාර්ස් (South Pars) ස්වභාවික වායු නිධියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය ප්‍රකාශ කර තිබෙනවා.

ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සියට අනුව, ඉදිරි පැය කිහිපය තුළ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යයේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන 5ක් ඉලක්ක කරන බවයි ඉරාන බලධාරීන් පවසා ඇත්තේ. ඒ අනුව සෞදි අරාබියේ SAMREF පිරිපහදුව සහ ජුබයිල් (Jubail) රසායනික සංකීර්ණය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් හොස්න් (Al Hosn) වායු නිධිය, කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් (Ras Laffan) පිරිපහදුව සහ මෙසායීඩ් (Mesaieed) රසායනික සංකීර්ණය වන බව සඳහන්.

ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ලෙස සැලකෙන දකුණු පාර්ස් නිධියට එල්ල වූ ප්‍රහාරයෙන් මධ්‍යස්ථාන කිහිපයකට හානි සිදුව ඇති නමුත් ජීවිත හානි වාර්තා වී නොමැති බව ඉරාන තෙල් අමාත්‍යාංශය පවසනවා. ඊශ්‍රායල ගුවන් හමුදාව මෙම ප්‍රහාරය එල්ල කළ බවද විදේශ මාධ්‍ය තහවුරු කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ කටාර් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඉරාන වායු නිධියට එල්ල වූ ප්‍රහාරය "භයානක සහ වගකීම් විරහිත පියවරක්" බවයි.

මූලාශ්‍ර | අල් ජසීරා

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026