Skip to content
V
ගල්කිස්ස අධිකරණයේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප
featured news - උණුසුම් පුවත්

ගල්කිස්ස අධිකරණයේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරියාට ඇප

By News Room · 13 October 2025

ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් සිදුවීමට අදාළව චෝදනා එල්ලවූ පොලිස් නිලධාරියා ඇප මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඒ ඊට අදාළ නඩු විභාගය අද (13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී ඉදිරිපත්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත 2ක් මත මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

මෙහිදී පොලීසිය විසින් අදාළ සිද්ධිය වූ අවස්ථාවේදී නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අසභ්‍ය වචනයෙන් පොලිස් කොස්තාපල්වරයාට බැණ වැදීම සම්බන්ධයෙන් තවත් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය. තවදුරටත් කරුණු වාර්තා කරමින් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවේ මේ වන තුරු නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා අධිකරණයට ඉදිරිපත් වීමක් හෝ පොලීසියට ප්‍රකාශ ලබා දීමක්ද සිදු කර නොමැති බවත්ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026