Skip to content
V
ගල්ඔයෙහි ඉවුරු කැඩී යයි ; අක්කර 1000ක් ජලයෙන් යටවෙයි
featured news - උණුසුම් පුවත්

ගල්ඔයෙහි ඉවුරු කැඩී යයි ; අක්කර 1000ක් ජලයෙන් යටවෙයි

By News Room · 20 January 2025

ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් බිඳවැටී තිබෙනවා. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර 1000ක් පමණ ජලයනි යටවී ඇති බවයි වාර්තා වෙන්නේ. යටවූ කුඹුරුවල ගොයම පීදී අස්වැන්න නෙලීමට ආසන්නව තිබූ බවයි වාර්තා වන්නේ.

ගම්වාසින් චෝදනා කරන්නේ නේනකාඩු ප්‍රදේශයේ ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදුවූ බවයි. 2024 ජනවාරි මාසයේ ඇතිවූ ගම් වතුර තත්ත්වය හේතුවෙන් ගල්ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳී ගියා. ඉන් අනතුරුව ප්‍රතිසංස්කරණය කළ ඉවුර 2024 නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ නැවතත් එම ස්ථානයෙන් බිඳී ගියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026