Skip to content
V
ගල්ඔයේ බැම්ම අවදානම් තත්ත්වයක
featured news - උණුසුම් පුවත්

ගල්ඔයේ බැම්ම අවදානම් තත්ත්වයක

By News Room · 14 January 2025

ගල් ඔය ගඟේ බැම්ම කැඩී යාමේ අවදානමක් මතුව තිබේ. මේ හේතුවෙන් අම්පාර, සේනානායකපුර සහ සාමපුර ප්‍රදේශවල පවුල් 40ක පුද්ගලයින් 100කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා,

"සේනානායකපුර ප්‍රදේශයෙන් ගල්ඔය ගඟේ ඉවුරු ඛාදනයවීමක් සිදුවෙලා තියෙනවා. එතන තාවකාලිකව වැලි කොට්ට ගහලා පිළිසකර කිරීමේ හැකියාවක් නැහැ. දැනට කැඩී යෑමේ අවදානම් තත්ත්වයක් පමණයි තියෙන්නේ. කැඩිලා නැහැ. නමුත් ඒක කැඩුනොත්...අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනානායකපුර, සාමපුර කියන ග්‍රාම නිලධාරි වසම්වල සුදුවැල්ල ප්‍රදේශයේ ජීවත්වන පවුල් ගණනාවකට ගංවතුර තත්ත්වයේ බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අද සවස මේ ප්‍රදේශයේ පවුල් 40ක් පමණ කඳවුරක් ඇති කරලා එහි රඳවන්න කටයුතු කළා. එතන පුද්ගලයන් 110ක් විතර ඉන්නවා."

මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් මේ වනවිට සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ හේතුවෙන් සේනානායක සමුද්‍රයේ මේ වනවිට අක්කර අඩි 658,000ක් ජලය පිරී පවතින අතර සේනානායක සමුද්‍රයේ සම්පූර්ණ ජල ධාරිතාව අක්කර අඩි 770,000කි. 

සේනානායක සමුද්‍රයේ ජලය වාන් විවෘත කරමින් ගල්ඔය ගඟට මුදා හැරෙන අතර එම තත්ත්වය තුළ මෙම අවදානම මතුවී තිබේ.  මේ වනවිට අම්පාර දිස්ත්‍රික්කයට ද අධික වැසි සහිත තත්ත්වයක් බලපා තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026