Skip to content
V
ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ආධාර රැගත් පාකිස්ථාන ගුවන් යානයක් ලංකාවට
featured news - උණුසුම් පුවත්

ගලවා ගැනීමේ කණ්ඩායමක් සහ ආධාර රැගත් පාකිස්ථාන ගුවන් යානයක් ලංකාවට

By News Room · 4 December 2025

හදිසි සහන ද්‍රව්‍ය සහ සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායමක් රැගත් පාකිස්ථාන ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානය ඊයේ (03) පස්වරුවේ මෙරටට ළගා වුණා.

කොළඹ සිටින පාකිස්ථාන මහ කොමසාරිස්වරයා විසින් එම සහනාධාර තොගය ශ්‍රී ලංකාවට නිල වශයෙන් භාර දෙනු ලැබු අතර නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif)ගේ උපදෙස් මත පාකිස්ථාන හමුදා සෝදිසි හා ගලවා ගැනීමේ ඒකකයේ සාමාජිකයෝ 47 දෙනෙකු සහ අත්‍යවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 6.5ක් මෙරටට එවා තිබෙනවා.

කූඩාරම්, බ්ලැන්කට්, බ්ලැන්කට් ඇතිරිලි, ජීවිතාරක්ෂක ජැකට්, පිම්බෙන බෝට්ටු, ජලය ඉවත් කරන පොම්ප, ලාම්පු, පැදුරු, මදුරු දැල්, ළදරු කිරිපිටි, කෑමට සූදානම් ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ මෙම සහනාධාර තොගයට ඇතුළත්.

පාකිස්ථාන නාවික හමුදාවට අයත් නෞකා සහ හෙලිකොප්ටර් යානා දැනටමත් ශ්‍රී ලංකාවේ සහන මෙහෙයුම්වල නිරතව සිටිනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ් (Shehbaz Sharif) අතර පැවති සාකච්ඡාවලින් පසුව ශ්‍රී ලංකාවට ලබා දෙන මානුෂීය සහනාධාර පුළුල් කිරීමට පාකිස්ථානය කටයුතු කර තිබෙනවා.

මානුෂීය සහයෝගය සහ කලාපීය සහයෝගීතාවය සඳහා වන සිය දිගුකාලීන කැපවීමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දීම පාකිස්ථානය විසින් අඛණ්ඩව සිදුකරනු ඇති බව මෙමගින් යළිත් අවධාරණය කර තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026