featured news - උණුසුම් පුවත්
ගර්භණී කාන්තාවන්ට රු.5,000ක පෝෂණ දීමනාව අද සිට

ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදෙන රු.5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ බව සංකේතවත් කරමින් එම දීමනාව ලබාදීම අද උදෑසන 9.30ට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී සිදුකිරීමට නියමිතයි.
පසුගිය නොවැම්බර් 30 වැනිදා තෙක් මාතෘ සායනයන්හි ලියාපදිංචි වූ ගර්භණී කාන්තාවන් සඳහා මේ දීමනාව ලබා දෙනු ඇති.




