Skip to content
V
ගමනාගමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
featured news - උණුසුම් පුවත්

ගමනාගමන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

By News Room · 22 October 2024

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.ඊයේ (21) පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් එම පත්කිරීම් අනුමත කළ බව කැබිනට් ප්‍රකාශ විජිත හේරත් මහතා පැවසීය.

ඒ අනුව, එහි සභාපතිවරයා ලෙස ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා පත්කර ඇත. ඒ මහතා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

එම කොමිසමේ අනෙකුත් සමාජිකයින් වන්නේ, 

  • ඩබ්ලිව්. රවී ප්‍රසාද් ද මෙල් මහතා - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
  • ආචාර්ය නාමලි තරංගා සිරිසෝම මහත්මිය - ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
  • ඒ. අයි. යූ. පෙරේරා මහතා - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව එම කොමිෂන් සභාව සාමාජිකයින් 8 දෙනෙකුගෙන් සමන්විත විය යුතු වේ.  එකී පනතේ 3(1)(අ) වගන්තිය අනුව ඉන් තිදෙනෙකු ප්‍රවාහන, ප්‍රතිපත්ති සැලසුම් හා මුදල් යන විෂයභාර අමාත්‍යාංශ නියෝජනය කරමින් නිල බලයෙන් පත් කරනු ලබයි. එම පනතේ 3(1)(ආ) වගන්තියේ නිර්ණායකයන්ට යටත්ව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ප්‍රවාහන විෂයභාර අමාත්‍යවරයා විසින් සාමාජිකයින් පස්දෙනෙකු පත් කළ යුතුව ඇති අතර, ඔවුන්ගේ ධුර කාලය වසර 03ක් වේ. 

එසේම, 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන පරිදි කොමිෂන් සභා සාමාජිකයින් අතුරින් විෂයභාර අමාත්‍යවරයා විසින් සභාපතිවරයා පත්කරනු ලැබිය යුතුය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026