Skip to content
V
ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය සොයා රන්නගල පීරයි
featured news - උණුසුම් පුවත්

ගනේමුල්ලේ සංජීව ඝාතනයේ මහ මොළකාරිය සොයා රන්නගල පීරයි

By News Room · 25 February 2025

මෙරට සියලුම ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුවට ගැනීමට සොයන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ  මහ මොළකරු ලෙස සැළකෙන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව  තෙබුවන  රන්නගල  වතුයායේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස ක්ෂණිකව වැටලීමත් සමඟම එහි සිටි කාන්තාවක්  නිවසින් පලා ගොස් කැලෑ වැදුණු බව තෙබුවන පොලිසිය කියයි.

ඒ සමගම සිදු කළ මෙහෙයුමේදී එකී කාන්තාව කුඩා දරුවකු සමග කැලෑව තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවත් සිදුකළ විමර්ශනවලදී එකී කාන්තාව ඉෂාරා සෙව්වන්දි නොවන බවත් එනමුත් ඇයගේ රූපයට බොහෝ සෙයින් සමානකම් ඇති තැනැත්තියක් බව බැලූ බැල්මට පෙනෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

එම සැකකාරිය සමග නිවසේ සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවගේ නැන්දනීය සහ බිරිඳ ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම නිවස තුළ තිබී සිම් කාඩ් පත් 7 කට ආසන්න ප්‍රමාණයක් සහ ජංගම දුරකථන 4 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එම සිද්ධියත් සමගම ඊයේ (24) රාත්‍රී සිට  එම නිවසට යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය, තෙබුවන, අගලවත්ත හා දොඩංගොඩ පොලිසි වල නිලධාරින් එක්ව දැඩි ආරක්ෂාව යොදා  අද  (25) මතුගම ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමා ඇතුළු නිලධාරී එම ස්ථානයට ගොස් නිවස අවට ප්‍රදේශය යුද්ධ හමුදාව පොලිසිය සමග එක්ව පූර්ණ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළද ජංගම දුරකථන සහ සිම් කාඩ්  පත්හැරෙන්නට  සැකකටයුතු කිසිවක් හමු නොවූ බව පොලිසිය කියයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026