Skip to content
V
ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් 3ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් 3ක් අත්අඩංගුවට

By News Room · 23 February 2025

ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව පුද්ගලයින් 08 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.  ඊයේ (23) දින අත්අඩංගුවට ගත් තිදෙනා ගම්පහ සහ උඩුගම්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලීසිය පවසයි.

ඒ අනුව මෙම ඝාතනය සඳහා යොදා ගත් ගිනිඅවිය සන්තකයේ තබා ගෙන අපරාධයට පෙර දින වෙඩික්කරුවට ලැබීමට සැලැස්වීම සම්බන්ධව ගම්පහ  මල්වත්ත පාර, අස්ගිරිය ප්‍රදේශයේ පදිංචි දමිදු ලක්ෂාන් නම් 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තවද අපරාධයෙන් පසු වෙඩික්කරු සහ සෙසු සැකකාරිය ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කර අපරාධයකට ආධාර අනුබල දීම යටතේ දමිත් අංජන නයනජිත් නම් 25 හැවිරිදි තරුණයෙකු සහ චමෝද් ගිම්හාන නම් අස්ගිරිවල්පොල, උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අයෙකුද පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026