Skip to content
V
ගණේමුල්ල සංජීව ඝාතනට අදාළ නඩුව ස්කයිප් ඔස්සේ හෙට
featured news - උණුසුම් පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනට අදාළ නඩුව ස්කයිප් ඔස්සේ හෙට

By News Room · 6 March 2025

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනා සම්බන්ධ නඩුව ස්කයිප් තාක්ෂණය ඔස්සේ හෙට (07) කැඳවීමට  අවශ්‍ය පියවර ගන්නා මෙන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබේ.

මීට අදාළ නියෝගය ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විසින් එම අධිකරණයේ ලේඛකාධිකාරීවරිය වෙත නිකුත් කර ඇත. ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී තිබේ. බන්ධනාගාරගත කර සිටින අදාළ සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී මතුවිය හැකි අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය එම දැනුම්දීම සිදුකර තිබෙන බව වාර්තා වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026