Skip to content
V
ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඉල්ලා අස්වෙයි ; නව සභාපතිවරයෙක් පත් කරයි.
featured news - උණුසුම් පුවත්

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය ඉල්ලා අස්වෙයි ; නව සභාපතිවරයෙක් පත් කරයි.

By News Room · 27 September 2024

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.

සාලිය වික්‍රමසූරිය මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ් හා ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් යන ආයතනවලද සභාපති ලෙස කටයුතු කළ අතර එම ආයතන සභාපති තනතුරුවලින් ද ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව නව සභාපති ලෙස මුතුරාජවෙල පර්යන්තයේ බෙදා හැරීමේ කළමණාකාර ඩී.ජේ.රාජකරුණා මහතා පත් කර තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අමතරව ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ ද සභාපති වශයෙන් පත් කර ඇති ඩී.ජේ.රාජකරුණා මහතා ඊයේ (26) සිය ධූරවල වැඩ භාර ගත්තේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම පත් කිරීම සිදුකර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026