Skip to content
V
කොළොම්බියාවට ඇමරිකාවෙන් සම්බාධක
featured news - උණුසුම් පුවත්

කොළොම්බියාවට ඇමරිකාවෙන් සම්බාධක

By News Room · 27 January 2025

ඇමෙරිකාව විසින් කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඇමෙරිකාව විසින් පිටුවහල් කළ සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා දෙකක් ‍කොළොම්බියාව විසින් ප්‍රතික්ෂේප කිරීම සහ ඇමෙරිකානු භාණ්ඩ සඳහා 25% ක තීරුබදු වැඩි කිරීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා ප්‍රතික්ෂේප කිරීම තුළින් සිය ජාතික ආරක්ෂාව අනතුරේ හෙළු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චෝදනා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොළොම්බියාවෙන් පැමිණෙන භාණ්ඩ සඳහා ද 25% ක තීරු බදු පනවන ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා නියෝග කර ඇති අතර, එය සතියක් තුළ 50% ක් දක්වා වර්ධනය විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026