Skip to content
V
කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු; පීඨ කිහිපයක දේශන ඔන්ලයින්
featured news - උණුසුම් පුවත්

කොළඹ සරසවියේ සිසුන් 71කට ඩෙංගු; පීඨ කිහිපයක දේශන ඔන්ලයින්

By News Room · 9 July 2026

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 71ක් දෙනෙකුට ඩෙංගු වැලඳී ඇති අතර, සිසුන් 5 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.

වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් බහුතරයක් ශාස්ත්‍ර පීඨයේ වන බැවින් ඔවුන්ගේ අධ්‍යන කටයුතු පිළිබඳව අවධානය යොමුකරමින් සතියක කාලයක් පීඨ කිහිපයක දේශන කටයුතු පමණක් ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සිදුකිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කළ බවද උපකුලපතිවරයා සඳහන් කළේය.

ඩෙංගු ව්‍යාප්තිය හමුවේ විශ්වවිද්‍යාලය මඟින් එම තත්ත්වය පාලනයට පියවර ගණනාවක් ගෙන ඇති බවත්, රෝහල්ගත කළ සිසුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂා කරමින් කටයුතු කරන බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා කියා සිටියේය. ඩෙංගු වැලඳීම තුළ විවේකය අත්‍යාවශ්‍ය කරුණක් වන බැවින් මෙලෙස දේශන ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමට තීරණය කළ බවද ඒ මහතා සඳහන් කළේය.

දැනට විශ්වවිද්‍යාලය තුළ පවතින තත්ත්වය පාලනය කර ඇති බවද සඳහන් කළ උපකුලපතිවරයා, උණ රෝගී තත්ත්වයක් ඇත්නම් කරුණාකර ඊට අදාළ වෛද්‍ය උපදෙස් පිළිපඳින ලෙසද සිසුන්ගෙන් ඉල්ලා සිටී.  මෙම තත්ත්වය තුළ කිසිදු ආකාරයකින් විශ්වවිද්‍යාලය වසා දැමීමක් සිදුව නොමැති බවද අවධාරණය කර සිටි උපකුලපතිවරයා, එවැන්නක් සිදුකිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද අවධාරණය කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026