Skip to content
V
කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයට විශේෂ වැඩපිළිවෙලක්
featured news - උණුසුම් පුවත්

කොළඹ වරායේ බහාලුම් නිෂ්කාශන ප්‍රමාදයට විශේෂ වැඩපිළිවෙලක්

By News Room · 14 January 2025

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.  ජනාධිපතිවරයා උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ, ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බවය. මීට අමතරව RCT, ග්‍රේලයින් 1 හා 2 අංගනවලින් බහාලුම් 242ක් පරීක්ශාක්ෂාව අවසන් කොට නිදහස් කර තිබුණි. රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදහස් කළ හැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුණු බව රේගුව සඳහන් කරයි. 

අද (14) උදෑසන වනවිට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී තිබේ. අද නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රේගුව විසින් නිදහස් කළ, එහෙත් ආනයනකරුවන් හා ඔවුන්ගේ නිශ්කාෂන නියෝජිතයන් විසින් තවමත් මුදා ගැනීමට කටයුතු නොකළ බහලුම් 603ක් කොළඹ වරාය තුළ මේ වනවිට ඉතිරි වී ඇති බව ශ්‍රී ලංකා රේගුව පැවසීය. වරායේ බහාලුම් පර්යන්ත තුළ ඉඩකඩ ඇසිරීමට මෙයින් සෑහෙන බලපෑමක් සිදු වෙන බව බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026