Skip to content
V
කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට
featured news - උණුසුම් පුවත්

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට

By News Room · 15 June 2025

කොළඹ මහා නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාව සඳහා තරග කළ කිසිඳු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරයක් ලබා ගැනීමට නොහැකි වුණා.

ජාතික ජන බලවේගයට සභික ධුර 48ක්, සමගි ජන බලවේගයට සභික ධුර 29ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 05ක් හිමි වූ අතර මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 04ක්, ස්වාධීන කණ්ඩායම් අංක 03ට සභික ධුර 03ක්, සර්වජන බලයට සභික ධුර 02ක්, එක්සත් සාම සන්ධානයට සභික ධුර 02ක් හා ස්වාධීන කණ්ඩායම් අංක 04 සහ 05ට සභික ධුර දෙක බැගින් 04ක් හිමි වුණා.

මීට අමතරව එක්සත් ජනරජ පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ස්වාධීන කණ්ඩායම් අංක 01 සහ ස්වාධීන කණ්ඩායම් අංක 02ට එක් සභික ධුරය බැගින් හිමිවී තිබුණා.

සභික ධුර 117කින් සමන්විත කොළඹ මහා නගර සභාවේ බලය පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට සභික ධුර 59ක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026