Skip to content
V
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට සිට ආරම්භ කෙරේ
featured news - උණුසුම් පුවත්

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට සිට ආරම්භ කෙරේ

By News Room · 7 April 2026

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙහි සිදු කරනු ලබන නවීකරණ කටයුතුවල පළමු අදියර මේ වන විට අවසන් කර තිබෙනවා. ඒ අනුව, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ මෙහෙයුම් කටයුතු හෙට (08) සිට ආරම්භ කරන බවයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

පළමු අදියර යටතේ, පවතින ගොඩනැගිලි නවීකරණය, නව තොරතුරු මධ්‍යස්ථානයක් ඉදිකිරීම, සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය, බස් රථ පෝලිම් සඳහා වෙන් වූ බාහිර ප්‍රදේශයක් සකස් කිරීම සහ අවට පරිසරය අලංකාර කිරීම යනාදිය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

'Clean Sri Lanka' වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙම නවීකරණ කටයුතු සිදු කෙරෙනවා. පර්යන්ත දෙකකින් යුත් මෙම බස් නැවතුම්පොළේ සමස්ත ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් මිලියන 424 ක වියදමක් ඇස්තමේන්තු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026