Skip to content
V
කොළඹ කොටුව රේගු මූලස්ථානයේ තිබී ජීව උණ්ඩ දෙකක් හමුවෙයි
featured news - උණුසුම් පුවත්

කොළඹ කොටුව රේගු මූලස්ථානයේ තිබී ජීව උණ්ඩ දෙකක් හමුවෙයි

By News Room · 30 October 2025

කොළඹ කොටුව රේගු මූලස්ථානයේ තුන්වැනි මහලේ තොරතුරු තාක්ෂණ අංශයේ තිබී ජීව උණ්ඩ දෙකක් හමුවූ බව කොටුව පොලිසිය පවසනවා. ටි 56 ජිව උණ්ඩයක් හා බෝර 12 වර්ගයේ ජීව උණ්ඩයක් එහි තිබී හමුව තිබෙනවා.

රේගු මූලස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොටුව පොලිස් ස්ථානයට ලබාදුන් දුරකථන පණිවුඩයක් අනුව තොරතුරු තාක්ෂණ අංශයේ සහකාර රේගු නිලධාරීන්ගේ විවේක කාමරයේ තිබී එම ජීව උණ්ඩ සොයාගෙන තිබුණා.

මෙම ජීව උණ්ඩ කවුරුන් විසින් රැගෙන ආවාද යන්න සොයා අපරාධ පරීක්ෂණ නිලධාරින් සහ ඇඟිලි සටහන්  කාර්යාලයේ නිලධාරින්, නිල සුනඛ අංශයේ සහාය ඇතිව විමර්ශන කටයුතු සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.

කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප ද සිල්වාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක රණවක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026