Skip to content
V
කොළඹ කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්
featured news - උණුසුම් පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්

By News Room · 6 January 2025

අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 170.82කින් පහළ ගොස් ඒකක 15,878.60 ක් ලෙසින් වාර්තා විය. ඒකක 16,000 සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම ඒ අනුව විශේෂ සිදුවීමකි. රු. බිලියන 8.57 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය. අඛණ්ඩ දින 26ක වර්ධනයකින් පසු කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් පසුගිය සිකුරාදා (03) දින වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය 299.13ක දැවැන්ත කඩා වැටීමක් වාර්තා කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026